තව අලි ප්‍රශ්නයක්


හොරණ සිට පේරාදෙණිය ගන්නෝරුවේ නිවසකට අනවසරයෙන් ගෙන අවුත් රඳවාගෙන සිටි බව කියන අලි පැටවකු පොලිසියේ ද සහායෙන් තම භාරයට ගත් බව වනජීවී නිලධරයෝ කියති.

ප්‍රතිකාර සඳහා ගෙන එන්නට ඇතැයි සැලකෙන මෙම අලි පැටවාගේ වයස අවුරුදු තුන හමාරක් පමණ බවත් එහෙත් නිවැසියන් විසින් හිමිකාරිත්වය පිළිබඳව ඉදිරිපත් කළ ලියැවිල්ල අවුරුදු නවය හමාරක අලිපැටවකු සම්බන්ධයෙන් බවත් නිලධරයෝ කියති.

වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාට ලැබුණු ආරංචියක් අනුව වැටලීම සිදු විය.