තව 35ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති
නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වී කොකෝස් හා ක්‍රිස්මස් දූපත් වල සිටි 35 දෙනෙක් එරට පෙඩරල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සරණාගයින් සේ සලකා පිටුවහල් කරනු ලැබ ආගමන විගමන නිලධාරින් විසින් විශේෂ ගුවන් යානයකින් කටුනායකට රැගෙන එනු ලැබූහ.
මාතර සහ බේරුවලින් 30 දෙනෙකු ද, ඉතිරි පස් දෙනා කලුතරින් හා වාද්දූවෙන් ද බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත.
ඕස්ට්‍රේලියා රජයෙන් ගෙවන රුපියල් ලක්ෂ හතර හමාරක සරණාගත දීමනාව ද ඔවුනට අහිමිය.

