තව 28ක් එංගලන්තයෙන් පිටුවහල්


එංගලන්තයේ රැකවරණ පතා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. දෙමළ ජාතිකයෝ 14 දෙනෙක් ද, සිංහල නව දෙනෙක් ද, මුස්ලිම්වරු පස් දෙනෙක් ද ඒ පිරිසට අයත්වූහ. එක් අයකුට දෙදෙනා බැගින් ආරක්ෂකයෝ ද වූහ. එම පිරිස වසරේ සිට වසර හය දක්වා එංගලන්තයේ සිට සරණාගත තත්ත්වය හිමිකැර ගැනීමට ගත් සියලූ උත්සාහයන් අසාර්ථක වූවෝ වෙති.