තලවිල මංගල්‍යයට යන්න විශේෂ දුම්රිය 4 ක්


(මහින්ද නිශ්ශංක)

 

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා ලබන 7,8 හා 9 යන දිනවල කොළඹ කොටුව සහ මොරටුව සිට පලාවි දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට යොදවා තිබේ.

කොටුව දුම්රිය ස්ථානයේ සිට පලාවි දක්වා දිනපති ධාවනය කෙරෙන දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍ය ලබන 8 වැනිදා පැවැත්වේ.

කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.9.35, ප.ව. 1.10 හා ප.ව. 3.40 ට ද මොරටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.10 ට ද විශේෂ දුම්රියක් පලාවි දක්වා පිටත් වේ.