(සුමතිපාල දීයගහගේ )
විසි දෙහැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප මුහුණු පොතට මුදා හරින බවට තර්ජනය කර එම තරුණියගෙන් රුපියල් දස දහසක කප්පමක් ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙම තරුණියගේ පෙම්වතාගේ ඥාතියකු ඇයට දුරකථනයෙන් කතා කර තරුණියගේ නිරුවත් ඡායාරූප තමා ළඟ ඇති බවත් එම ඡායාරූප මුහුණු පොතේ පල නොකිරීමට නම් රුපියල් 20,000/- ක් ලබාදෙන ලෙසත් පවසා ඇති සැකකරු මුදල් තැන්පත් කිරිම සඳහා බැංකු ගිණුමක් ද ලබාදී ඇත.
ඒ අනුව රුපියල් 10,000/- බැංකු ගිණුමේ තැන්පත් කළ තරුණිය පසුව මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරික්ෂණ පැවැත්වූ පොලිසිය මීටියාගොඩ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සහ අම්බලන්ගොඩ පදිංචි සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණය වෙත අද (14) ඉදිරිපත් කිරිමට නියමිතය.