තරුණයෝ දස දෙනෙක් රිමාන්ඩ්
ගම්පහ සිට වෙසක් බලන්නට ආ 19 හැවිරිදි තරුණියකට කොළඹ කොටුවේදී අඩන්තේට්ටම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෝ දස දෙනෙක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ලබන සඳුදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූහ. මොවුන් බීමතින් සිටි බව ද කියති. පැමිණිල්ල විභාගවූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂික විජේරත්න මහතා හමුවේය.

