තරු හෝටලෙන් පිනට කා යළි රිමාන්ඞ්


පවුලේ සාමාජිකයන් සමග තරු හෝටලවල නතරවී බිල නොගෙවා යළි යළි අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. කොළඹ මෝදර සමිත් බර්නාඞ් හොරණ තානායමට රුපියල් හය ලක්ෂයක් වංචාකළැයි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටියදී කොටුව පොලිසියට ඉදිරිපත් කරනු ලැබීය. ඔහුද බිරියද දරු දෙදෙනාද නාරාහේන්පිට හා කොල්ලූපිටියේ තරු හෝටලවල නතරවී බිල නොගෙවා රුපියල් හාර ලක්ෂයක් වංචා කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.