තරඟය දින මැරී වැටෙයි


ටියුනීසියා ජාතික තරුණයකු වන ඩාව් පට්නාස්සි (20) තම මිතුරන් සමග මුදලට අපූරු ඔට්ටුවක් ඇල්ලීය.

ඒ අනුව ඔහු බිත්තර 28ක් ගිල දැමිය යුතුය. එකවරකට එක බිත්තරය බැගින් 28 වතාවකදී බිත්තර 28ම ඔහු ගිල දැමිය යුතුය.

අභියෝගය ජයගැනීමට ඩාවිට හැකි විය. එහෙත් සුළු වේලාවකට පසු ඔහුට උදරයේ දැඩි වේදනාවක් ඇති විය.

මිතුරන් ඔහු ඩාවි රෝහල කරා ගෙන යන අතරතුරදී ඔහු මිය ගියේය.