තඹුත්තේගම පී.සී. දෙන්නා රිමාන්ඞ්
පහන් නොදල්වා යතුරුපැදියක් පැදවූ එළවළු වෙළෙන්දකුගෙන් රුපියල් දාහක් හා අරක්කු බෝතල බාගයක් අල්ලස් වශයෙන් ගත් බව කියන කොස්තාපල් චමින්ද නිරෝෂණ කුමාර හා එම්.ඒ. දයාපාල තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ජේ.පී. කැකිරිදෙණිය මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.

