තමිල්නාඩු සංචාර තහනම දිගටම


තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව ඇතැම් කණ්ඩායම් විසින් කැරෙන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විමසිල්ලෙන් සිටින්නේ යැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. නැවත දැනුම් දෙන තුරු ඉන්දියාවේ තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙසට ගිය තුන් වැනිදා රජය නිකුත් කළ සංචාරක උපදේශන ඉවත් කිරීම ගැන සිතා බලන බවද අමාත්‍යවරයා කියයි.