තමිල් නාඩු ධිවරයෝ උපවාසයක


ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 210 දෙනා  වහා නිදහස් කරන්නැයි  ඉන්දීය මධ්‍යම රජයට බල කරමින්  තමිල්නාඩු ධීවරයෝ 5000  කට වැඩි පිරිසක් නාගපට්නම් ප්‍රදේශයේ  අද (23) තෙවැනි දිනයටත් සිය  උපවාසය කළහ.

මීට සහභාගී වු කතුන් 23 දෙනකු  උපවාසසය අතරතුරදී  සිහිසුන්ව රෝහල් ගත කළ බවද වාර්ථා වේ.