තමාරා කුනනායගම් කියුබා යන්න බෑ කියයි
කියුබාවේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් වැඩ බාර ගැනීම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය ප්‍රතික්ෂේප කොට ඇතැයි තානාපති ආරංචි කියයි. තමාට වෙනිසියුලාවේ කාරකස් හි අලුතින් ඇරැඹෙන නව ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ තානාපතිධූරය දෙන ලෙසට ඇය රජයෙන් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප කැර ඇතැයි දැනගන්නට තිබේ.

