(ඉන්දික අරුණ කුමාර සහ රංජිත් කරුණාවීර විල්ගමුවේ සිට)
දේශපාලනඥයින් සහභාගී වන පාසල් උත්සව පැයකට සීමා කළ යුතු බවට චක්‍රලේඛයක් තමා විසින් නිකුත් කළද එය තමා අතින්ම උල්ලංඝණය වීම සම්බන්ධව පැමිණ සිටින සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බව අධ්‍යාපන, ක්‍රිඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) පළමු ශ්‍රේණිය සදහා පාසල් දරුවන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවය පැවති ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ විල්ගමුව-නුගගොල්ල, ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයේදීය.
පාසල්වලට දේශපාලනඥයින් සම්බන්ධ වන නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් හෝ ක්‍රීඩා උළෙලක් වී නම් හෝ ජාතික උත්සවයක් වේ නම් එය පැය එකහමාරක කාලයකින් නිමා කළ යුතු බවට තමන් විසින් චක්‍ර ලේඛයක් පාසල් වලට යොමුකර කළද මේ අවස්ථාවේදී පැය දෙකකට අධික කාලයක් උත්සවය පැවැත්වීම සම්බන්ධව අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ නැවත වතාවක් මෙවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමට අදාළ බලධාරීන් පියවර ගත යුතු බවයි.
උදෑසන 8.30ට පමණ ආරම්භ වූ උත්සවය උදෑසන 11 පමණ වන තෙක් පැවැවිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීය.
‘අධ්‍යාපන ඇමතිතුමා පත්වෙන දිස්ත්‍රික්කයෙන් ජාතික පාසල් ටික හැදෙනවා.මේ පාර් ලිමේන්තුව විසුරුවන්න කලින් ජාතික පාසල් දහයක් අනුමත කළා. හතරක් කුරුණෑගල හතරක් පොලොන්නරුවේ හැබැයි ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 124 කට එකම ජාතික පාසලක් වත් නැහැ.
ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමති වෙනවා එහෙම කියලා මාතර ජාතික පාසල් දාන්න ඕනෑද, අධ්‍යාපන ඇමතිවරයෙක් ඌවෙන් බිහිවෙනවා අධ්‍යාපන ඇමති කෙනෙක් එක රැයෙන් ඌවේ ජාතික පාසල් 21 ක් බිහි වෙනවා.
ඒක ද දර් ශණය ? එදා ගෝඨාභය ජනාධීපතිතුමත් මහින්ද අගමැතිතුමත් මට කිව්වේ මේ ඉදිරි මාස තුන ඇතුලේ ලංකාවේ එකම ජාතික පාසලක් වත් නැති ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 124 ඇතුළේ ජාතික පාසල් 124 ක් පිහිටු වන්න කියලා. ඒකයි මට දීපු මග පෙන්වීම. අපි සිරවී ඉන්න කොටුවෙන් එළියට යන්න ඕනේ.
ඉදිරි දින සීයය ඇතුළත විල්ගමුවේ, ලග්ගල,අඹන්ගග කෝරළේ,යටවත්තේ, පල්ලේපොල, ගලේවෙල මේ කොට්ඨාශ හයේ ජාතික පාසල් 06 පිහිටුවීම සදහා අලුත් ආණ්ඩුවත් විදිහට කටයුතු කරන බව මේ අවස්ථාවේ දී ඉතාම හැගීම් බරව ඔබට කියන්නට ඕනේ ඔබේ ගමට ඇවිල්ලා‘
විල්ගමුව - නුගගොල්ල, ධර් ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති එක වසරට පාසල් දරුවන් ඇතුළත් කරගනීමේ උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය වරයා විසින් පාසලේ එක ශ්‍රේණියේ දරුවන් ඇතුළත් කිරිමේ ලේඛණයේ දරුවන්ගේ නම් සටහන් කරමින් පාසල් දරැවන් පාසලට ඇතුළත් කර ගැනීම සිදුකළ අතර, දරුවන් සදහා එක ශ්‍රේණියේ පෙල පොත් කට්ටල ලබාදීමද සිදුකරන ලදි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.චිත්‍රානන්ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍ර නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු පළාත් සභා මන්ත්‍රි තිලක් බණ්ඩාර මහත්වරු ඇතුළු අධ්‍යපන ක්ෂේත්‍රයේ නිලධාරිහු රැසක් සහ දු දරැවන් මෙන්ම නුගගොල්ල විදුහලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමව්පියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.





