තමන් කවුද පොලිසියට කියන්න


(යොහාන් භාසුර)

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඔබ කවුරුන්ද යන්න නිවැරදිව පැහැදිළි කිරීමෙන් පොලිසියට සහයෝගය දක්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිසිය මාර්ග බාධකයකදී ඔහු හෝ ඇය පරීක්‍ෂා කරන පොලිස් නිලධාරීයා අදාල පුද්ගලයා පිළිබඳව නොදැන තොරතුරු විමසන නිසා සාධාරණ ලෙස කරුණු ඉදිරිපත් කරන ලෙස කී නිහාල් තල්දූව මහතා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මාර්ග බාධකවලට හැකි තරම් පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීන් කණ්ඩායම් බාර නිලධාරීන් ලෙස අනියුක්ත කර ඇති බවත් සඳහන් කළේය.

පොලිස් නිලධාරියා කිසියම් පුද්ගලයකු පරීක්‍ෂා කරන අවස්ථාවේදී ඔහු හෝ ඇය කවුරුන්ද යන්න නොදැන විමසීම් කරන බවත් තමන් කවුරුන්ද යන්න නිවැරදි තොරතුරු සැපයීම ජනතාවගේ යුතුකම බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.