වැසි සහිත කාලගුණ තත්වයත් සමග තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇතැයි වාරිමාර්ග නිලධාරීහු කියති.
පවතින ජලාශයේ ජලමට්ටම ඉහළ යමින් පැවතීම හේතුවෙන් වැවෙහි රඳවන ජලමට්ටම ඒකාකාරීව පවත්වා ගැනීම සදහා වාන් දොරටු 20 විවෘත කර ජලය නාන්නේරි ඔයට මුදා හැරීමට සිදුවූ බවත් වැව පාමුල සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස පුත්තලම වාරිමාර්ග වාරිමාර්ග කාර්‍යාලයේ නිළධාරීහු ඉල්ලා සිටිති.









