තන්තිරිමලේ විජයාලෝකය අදත්


විල්පත්තු උතුරු මායිමේ ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි. ලංකාදීප පත්‍රය මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගම නමවැනි වරටත් මේ ආලෝක පූජාව පවත්වයි. මල්වතු ඔය ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකෙන තන්තිරිමලේ අනුබුදු මිහිදු මාහිමියන් හා සඟමිත් තෙරණි දවස සිට ඉපැරණි හෙළ ජනාවාසයක් විය. බොහෝ නටබුන් මහා කැලයෙන් අදත් වැසී ඇත්තේය. ශ්‍රී ලංකාවේ සිව් දෙසින් අනුරාධපුරයට ඇදී එන වන්දනා කරුවෝ තන්තිරිමලය වැඳපුදා ගැනීමට එති.