තණමල්විල ප‍්‍රා. මන්ත‍්‍රී ගංජා නඩුවෙන් හිරේ.


ගංජා කිලෝ 254 ළඟ තබාගැනීමට තවත් පුද්ගලයකුට අනුබල දුන්නැයි තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත‍්‍රී කේ.ඩබ්ලිව්.ජී. චන්ද්‍රසේකර හෙවත් කිරි පුතාට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පී. රණසිංහ මහතා පස්වසරක සිර දඬුවම් නියම කෙළේය. ඔහුගේ අනුබලය මත ගංජා තබාගත් පුද්ගලයා වැරැදිකරු වී දඩ ගැසුම් කෑවේය. ඔහුට නියම වුණේ අත්හිටැවූ සිර දඬුවමකි. ඒ 2007 දීය.