තංගලූ සැකකරුවෝ යළි රිමාන්ඞ්


පියා සමග අමනාපවී හක්මන සිට තංගල්ලට ගිය බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන තංගල්ල හිටපු නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සහ හෝටල හිමිකරු නිලූපුල් ජයවික‍්‍රම ඇතුළු 21 දෙනාට තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය අද චෝදනා භාරදුන්නාය. දැරිය කෙළෙසී යැයි ඇප මත සිටින බාලවයස්කරු නිදහස් කරන්නැයි ඉල්ලා සිටිවිට ඒ ගැන ලබන අගෝස්තු තුන්වැනිදා තීරණයක් ගන්නා බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය. සෙසු සැකකරුවන්ට ඇප ඉල්ලූවිට පැමිණිල්ල විරුද්ධ විය. අංජන ලියනගේ තනතුරින්ද ශ්‍රීලනිප සාමාජිත්වයෙන්ද නෙරපා හරිනු ලැබ සිටී.