තංගලූ ධීවරයා නිරුවත් වෙයි


තංගල්ල කුඩාවැල්ලේ ”චේජාන්” බහුදින යාත‍්‍රාව පැහැරගෙන  ඕස්ටේ‍්‍රලියාවට අනවසරයෙන් ඇතුළු වූ කේ. රංජිත් නිශාන්ත (39) මීට මාසයකට පෙර හොරෙන්  ඕස්ටේ‍්‍රලියා ගොස් පිටුවහල් කළ පුද්ගලයෙකියි  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය කියයි. ඔහු කැමැත්තෙන් ශ්‍රී ලංකාවට ගියහොත් රුපියල් ලක්‍ෂ හතර හමාර බැගින් දෙන බව තමාට හා තම කණ්ඩායමට  ඕස්ටේ‍්‍රලියාව කී බව රංජිත් කිය. කුමාර නමින්ද හැඳින්වෙන රංජිත්  ඕස්ටේ‍්‍රලියාවෙන් අවුත් සති තුනකට පසුව මුහුද මැදදී ”චේජාන්” යාත‍්‍රාව පැහැරගෙන තවත් දස දෙනෙකු සමග  ඕස්ටේ‍්‍රලියාවට ළඟාවිය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ද කියනුයේ ඔහු සියලූ දේ විකුණා තම බිරිය හා දරු තිදෙනා (12,10,5) හා බාල සොයුරු කේ.එස්. රංජිත් ද සමග යළි රැුකවරණය පතා ගිය බවයි. නිශාන්තගේ මව එච්.ඒ. සෝමාවතී මහත්මිය ද තම පුතාගේ හැටි කියා ඇත. තම සැමියා මිය යෑමන් පසුව දරුවන් ඉතා අමාරුවෙන් හදා වඩාගත් නමුත් මේ සියල්ල වතුරේ ගොස් ඇතැයි ඇය කියයි. අර අහිංසක දරුවන් මේ භයානක ගමනට රැගෙන ගියේ ඇයි දැයි ඇය අසන්නීය. මේ සිද්ධිය නිසා ගමට මුහුණ දීමට නොහැකි බව ඔහුගේ සොයුරු නිහාල් ද කියා ඇත.