තංගල්ලේ හතර දෙනෙක් හඳුනා ගැනෙති
තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අද සිවු දෙනෙක් හඳුනා ගනු ලැබූහ.
නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, සම්පත් ලංකාතිලක හා පී.ජී. ප්‍රදීප් කුමාර එසේ හඳුනා ගනු ලැබුවේය. සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට දැරියට නොහැකි විය. හඳුනා ගැනීමේ පෙරෙට්ටු 11කදී සැකකරුවෝ හත් දෙනෙක් හඳුනා ගනු ලැබ සිටිති. පහළොස් හැවිරිදි ශිෂ්‍යා හඳුනා ගැනීමට නොහැකි විය. සැකකරුවෝ විසි දෙදෙනාම බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

