තංගල්ල ප‍්‍රා. සභාපති යළි රිමාන්ඞ්
තංගල්ල මැඩිල්ල නිවාස නිකේතනයේදී 2011 දෙසැම්බරයේ බි‍්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික තරුණියක බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති ඇතුළු අට දෙනා ජූලි 29 දක්වා නැවත රිමාන්ඞ් කරන්නැයි තංගල්ලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේ. යු.ඞී. ද සිල්වා මෙනවිය නියෝග කළාය.
තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප‍්‍රදීප් චතුරංග, නෝබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, උඩුවරගේ සම්පත් දේශප‍්‍රිය, මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, එස්.පී. ජානක චතුරංග, එම්. ජී, නුවන් චින්තක, ආර්. චානුක නදීර ඔහුය.
බි‍්‍රතාන්‍ය ජාතික එම්. එම්. ඉසෙඞ් සහීර් (32) ඝාතනයට ලක්විය.

