තංගල්ල ඝාතන පිරික්සුම කඩිනමින්


2011 වසරේදී තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඝාතනය කළ කුර්හම් ෂායික්හ් නම් බි‍්‍රතාන්‍යය ජාතිකයා සම්බන්ධ සිදුවීමේ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඉක්මනින්ම ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකාව බළධාරීන් සැරසෙතියි වාර්තා වේ.

බි‍්‍රතාන්‍යයේ ‘‘ද ගාර්ඩියන්‘‘ පුවත්පතට විශේෂ ප‍්‍රකාශයක් දෙමින් ශී‍්‍රලංකා අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පවතා තිබෙන්නේ නීතිපතිවරයාම මැදහත්වී සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඉක්මනින්ම ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනා බවයි.දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු විභාගය ඉක්මනින්ම ආරම්භ කිරීමට උපදෙස් දී ඇතැයිද ඔහු කියා තිබේ.

නඩුව ඉක්මන් කිරීමට පියවර ගනිමින් සිටින්නේ මෙම සිදුවීමේ දරුණු හා ම්ලේච්ඡ භාවය නිසාම බවත් ඔහු සදහන් කර ඇත.නීතිපතිවරයාම මැදහත් වී නඩු විභාග පැවැත්වීම ඉක්මන් කරන අවස්ථා විරල වුවත් විශේෂ සිදුවීම් වලදී එසේ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් නිසි විභාගයක් පැවැත්වීමට මෙතරම් කල් ගත වීම සම්බන්ධයෙන් ඔහු සිය කණස්සල්ලද ගාර්ඩියන් පුවත්පතට පළ කර ඇත.

මාස ගණන් එක දිගට නොඇද ඉක්මනින්ම නඩුව විමසා වැරදිකරුවන්ට දඩුවම් දීමට හැකිවන ලෙසට කටයුතු සැළැස්වීමට තමන් හා නීතිපතිවරයා වගබලාගන්නා බවද ඔහු කියා ඇත.

මෙසේ නඩු විමසීම ඉක්මන් කිරීම හා ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රද මඩුලූ සමුලූව හා සම්බන්ධයක් ඇත්දැයි විමසු විට ගම්ලත් මහතා කියා ඇත්තේ එවැන්නක් නොමැති බවයි.මෙය රටක සාමාන්‍ය පරිදි සිදුවන නඩු විභාගයක් යැයිද මෙම අවස්ථාවේ සිදුවන්නේ විදෙස් ජාතිකයෙකු සම්බනධ සිදුවීමක් නිසා නඩු විභාගයේ වැඩ කටයුතු වඩා ඉක්මනින් හා විමර්ශණශීලීව සිදුකිරීම පමණක් යැයිද ඔහු පිළිතුරු දී තිබේ.

සිය පෙම්වතිය සමග ශී‍්‍රලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි කුර්හම් ඝාතනයට පුද්ගලයින් 8 දෙනෙකු සම්බන්ධ වී ඇතැයි සිදුවීම සම්බන්ධ පොලිස් වාර්තාවේ දැක්වේ.ඔහුගේ පෙම්වතියත් ඔවුන් අතින් දුෂණයට ලක්ව ඇති බව සනාත කෙරෙන වෛද්‍ය වාර්තා ඇතත් ශී‍්‍ර ලංකා රජය දිගින් දිගටම එවැන්නක් සිදුවූ බව ප‍්‍රතික්ෂේප කරමින් සිටී.

මෙම සිදුවීම සම්බනධයෙන් නිසි පරීක්ෂණයක් නොපැවැත්වීයැයි ශී‍්‍රලංකා රජයට චෝදනා නැගෙන්නේ කලක සිටය.මෙම සිදුවීමත් තවත් සිදුවීම් කිහිපයකුත් මුල් කරගෙන ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වලට තැනක් නැතැයි කියමින් ශී‍්‍ර ලංකාවේ එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන පොදුරද මඩුළු සමුළුව වර්ජනය කිරීමට දැනටමත් කැනඩා අගමැති ස්ටීවන් හාපර් කටයුතු කර ඇත.

බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන්ටත් තම පාර්ලිමෙන්තු සගයින්ගෙන් සමුලූව වර්ජනය කරන්න යැයි පීඩනයක් එල්ල වුවත් ඔහුගේ අදහස වී තිබෙන්නේ ශී‍්‍රලංකාවට නැගී ඇති චෝදනා වලට පිළිතුරු ශී‍්‍රලංකාවෙන්ම පිළිතුරු ලබා ගැනීමටත් එම චෝදනා සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ස්ථාවරය දැනුම් දීමටත් සමුලූවට සහභාගී වීම හොද අවස්ථාවක් බවයි.

බි‍්‍රතාන්‍යය අගමැතිවරයා සමග සමුලූවට සහභාගී වීමට සිටින චාර්ල්ස් කුමරුද ශී‍්‍රලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිඹද නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වා ඇතැයි සදහන්ය.කුර්හම් ෂායික්හ් ඝාතනය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා බළධාරීන් හා සාකච්ඡුා කිරීමටත් ඔහු අපේක්ෂාවෙන් සිටින බව කියැවේ.

ශී‍්‍ර ලංකාව ගැනීමට යන මෙම අලූත්ම පියවරට ශී‍්‍රලංකාවට එරෙහිව චෝදනා නගන්නන්ගේ ප‍්‍රසාදය හිමිව ඇතත් ශී‍්‍රලංකාවත් ‘‘කල දුටු කල වල ඉහ ගැනීමට සැරසෙන්නේදැයි‘‘ තමන් විමසිල්ලෙන් සිටින බව ඔවුන් පවසයි.