තංගල්ල කප්පම්කරු රිමාන්ඩ්
හක්මන සිට අවුත් තංගල්ලේදී කෙළෙසීමට ලක්වූ දැරිය විසින් තංගල්ල නාගරික මන්ත්‍රී අංජන ලියනගේ හඳුනා නොගනු ලැබීම සඳහා ඔහුගේ බිරියගෙන් රුපියල් ලක්ෂ පහක කප්පමක් ගනිද්දී තලාව කාරියමඩිත්තේ ජයවර්ධන වීරසිංහ පතිරණගේ සුසන්ත පුෂ්පකුමාර ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එච්. රංජිත් ජයන්ත මහතා නියෝග කෙළේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ සිටින පාලංකඩ හීන්මල්ලි (සුගත් චමින්ද) මේ කප්පම සැලසුම් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

