ණය ගෙවන්න කළ සුත්තරේ අතේ පත්තුවේ


රුපියල් පන් ලක්‍ෂයක් නොදුනහොත් හය හැවිරිදි දියණිය මරා දමන බව දැරියගේ පියාට දුරකථන ඇමතුමක් දුන් බව කියන දෙදෙනෙක් කළුතර කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය  විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වාහන ෆිනෑන්ස් හා ණය ගෙවීම සඳහා ඔවුන් මෙම කප්පම් ඉල්ලන්නට ඇතැයි පොලීසිය සැක කරයි.