විනීතා එම් ගමගේ
රුපියල් ලක්ෂයට අඩු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට රජය තීරණය කර ඇති බැවින් තමන් විසින් එවනු ලබන ලැයිස්තුවේ සඳහන් කාන්තාවන්ගේ ණය වාරික එකතු කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසනයේ ප‍්‍රධාන සංවිධායක ජේ කේ රෝහණ ජයකොඩි මහතා විසින් කැකිරාව ගල්නෑව හා තඹුත්තේගම ප‍්‍රදේශවල මූල්‍ය සමාගම් රැසකට ලිපියක් යවා ඇත.
කාන්තවන් 15 දෙනෙකුගේ නම් සහිතව මූල්‍ය සමාගම් ශාඛාවන්ට මෙම ලිපිය යවා ඇති අතර මෙසේ ලිපියක් එවීමට දේශපාලඥයන්ට ඇති අයිතිය කුමක් දැයි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විමතිය පළ කරති.
උතුර, උතුරු මැද හා නැගෙනහිර හා වයඹ පළාත්වල දිස්ත‍්‍රික් 12 ක රුපියල් ලක්ෂයට වඩා අඩු කෂුද්‍ර මූල්‍ය ණය හා පොලිය කපා හැරීමට රජය තීරණයක් ගෙන ඇතත් මේ වන තුරුත් ඊට අදාළව කිසිදු දැනුම්දීමක් මහබැංකුවෙන් මූල්‍ය සමාගම් වෙත ලැබී නැතැයි මූල්‍ය සමාගමක නිලධාරියෙක් පැවැසීය.
නියඟයට අසුවූ ප‍්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ උපදෙස් මාලාවක් හෝ ණය කපා හැරිය යුතු පුද්ගලයින්ගේ නම් හෝ වෙනත් තොරතුරු මෙතෙක් තම ආයතන වෙත මහ බැංකුව විසින් එවා නොමැති බවත් එසේ තිබිය දී තරගයට මෙන් ප‍්‍රදේශයේ දේශපාලකයින් දුරකතන ඇමතුම් දෙමින් මෙම ණය මුදල් අය නොකරන මෙන් ඉල්ලන බවත් කී එම නිලධාරියා සමහර ප‍්‍රදේශවල ණය වාරික එකතු කරන තම සාමාජිකයින්ට දේශපාලකයින්ගේ තර්ජන පවා ඇතැයි සඳහන් කළේය.
කෙසේ වෙතත් මහ බැංකුවෙන් උපදෙස් ලබා දෙන තුරු තම ආයතනවලට ණය කපා හැරිම සිදුකළ නොහැකි යැයි ද හෙතෙම කියා සිටියේය.

