ඩෝසර් යන්ත්‍රයක සිර වී පුද්ගලයෙක් මරුට


 ( කේෂර ගුණතිලක) 
 
මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ සේවකයෙකු ඩෝසර් යන්ත්‍රයකට යටවී සිරවීමෙන් මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ සංචාරක බංගලාවේ බංගලා භාරකරු ලෙස සේවය කළ මහියංගනය ඌව තිස්සපුර පදිංචි පී.ඩී ගුණපාල (52) නැමති තිදරු පියෙකි.
 
හෙතෙම හුලංදාව වම ප්‍රදේශයේ පැවති වාරි සෞභාග්‍යා වැඩබිමේ ආරම්භක උත්සවයකට ගොස් සිටියදී ඩෝසර් යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරුට උදව් කරමින් සිටියදී ඩෝසර් යන්ත්‍රය එකවරම ක්‍රියාත්මකවී ඇති අතර ඔහු බිමට වැටී ඩෝසර් යන්ත්‍රයේ සිරවී ඇත.
 
එහිදී බරපතල තුවාල ලැබූ ඔහු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
 
 
ඩෝසර් රථයේ රියදුරු මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.