ඩෙනිමක් සොරාගත්තා තුන්මාසයක් හිරේ


කොළඹ ලෝක වෙළෙඳ පොළේ කඩයකින් රුපියල් දෙදහසක ඩෙනිම් කලිසමක් සොරකම් කළ තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල වැඩ සහිතව තුන් මාසයක දඬුවමක් නියම කෙළේය. අලුත්කඩේ ප්‍රදීප් ආරියදාසට මේ දඬුවම නියම විය.