ඩෙංගුවාට නවාතැන් දී දඩ කයි


ඩෙංගු මදුරු කීටයන් සහිත අපිරිසිදු පරිසරයක් පවත්වාගෙන ගිය බවට නඩු පැවරූ 25 දෙනකුට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද (10) රුපියල් 2000 බැගින් දඩ නියම කළේය. කෝට්ටේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් නාවල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ හා වැලිකඩ සෝදිසියකින් මේ පිරිස සොයා ගෙන ඇත.