ඩෙංගුවාගෙන් පී.එච්.අයිට අමාරුයි
මඩ පුවක් නිෂ්පාදනය කර ඩෙංගු මදුරු කීටයන් සහිත පරිසරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට එරෙහිව නඩු නොදැමීම සඳහා රු. 25,000ක අල්ලසක් ඉල්ලා රු. 5000ක ලබාගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් ලබන 14 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (31) නියෝග කළේය.
කොත්මලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සිදම්බරම් කාමදේව ඔහුය.

