ඩෙංගු රාජකාරියට අවිත් සමඟ ආරක්ෂාව


ඩෙංගු මර්දන වැඩසටහන්වල නිරත නිලධාරීන් සමග ආයුධ සන්නද්ධ ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු ද යොදවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි. තඹලගමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මෝල් ගසකින් ගසා මරා දැමීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගෙන තිබේ