ඩෙංගු මඩින්න තරුණයන් 5000ක බල ඇණියක්


( විනීතා එම් ගමගේ )

ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් තරුණයන් 5000 දෙනකුගෙන් සමන්විත බල ඇණියක් යොදවන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත  බණ්ඩාර මහතා ප‍්‍රකාශ කරයි.
මෙම බල ඇණිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්දන කටයුතුවල දී මැදිහත්  වනු ඇතැයි ද බණ්ඩාර මහතා කියයි.

විශේෂයෙන් ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව මඟින් කරන ඩෙංගු මර්දන කටයුතුවලට ප‍්‍රමාණවත් සහයක් දෙනු ඇතැයි ද සභාපතිවරයා පවසයි.

මේ වනවිට විශාල පිරිසක් මියගොස් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බැවින් මෙසේ තරුණ පෙරමුණේ සහය ඩෙංගු මැඩලීම සඳහා යෙදවීමට තිරණය කළ බව හෙතෙම කියයි.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසූවේ ශ්‍රීලනීප මුලස්ථානයේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.