2014 වර්ෂයේ මේ දක්වා ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 10,540 දෙනකු වාර්තා වී ඉන් 33 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් වැඩි දෙනකු වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 6228ක් වන අතර මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60 කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3774ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1680ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 774ක් වාර්තා වී ඇත.

