ඩුබායි සිව්මහලක් ලක් කතකට මරු කැඳවයි


ඩුබායිහි ජාත්‍යන්තර නගරයේ මහල් ගොඩනැගිල්ලක සිව්වැනි තට්ටුවෙන් වැටී ශ්‍රී ලංකාවේ අනූපමා (26) නම් තරුණියක මිය ගිය බව ඇය වැඩකළ සමාගමේ හිමිකරු කියයි.

ජෙන් පර්ෆෙක්ට් ක්ලීනින් සමාගමේ හිමිකරු ටෙරින් ද ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු කියනුයේ ඇගේ මරණය ගැන කම්පා වන බවයි. සිව් මසක් එම සමාගමේ සේවිකාවක ලෙස වැඩ කළ ඇයට කුමක් සිදුවීදැයි තමාට අදහා ගත නොහැකි බව ද ඔහු කියයි.

අනූපමා මීට කලින් ඩුබාහි ඇඟළුම් කම්හලක සේවය කළාය.

ඇගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අමිල නම් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

ටෙරින් පවසනුයේ ඇගේ මරණයට අමිලගේ සම්බන්ධයක් ඇති බව නොදන්නා නමුත් ඔවුන් අතර රණ්ඩුවක් පැවති බව දන්නා බවයි.

හින්දි භාෂාව චතුර ලෙස කතා කළ අනූපමා විනෝදකාමී තරුණියක වූ බවත්, හැමවිටම සිනා මුසු මුහුණින් හා ප්‍රියජනක කතාවෙන් කාගේත් සිත් දිනාගෙන සිටි තරුණියක බවත්, ඇගේ සේවය කිහිප වතාවක්ම ලබා ගත් තවත් හාම්පුතෙක් කියයි.

ඇයට ප්‍රශ්නයක් ඇති බව කිසි විටක නොකී බවත් ඔහු කීවේය.

රෂීඩියා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර තම සොහොයුරියගේ මරණය සැක සහිත බව මාදම්පේ පනිරෙන්දාව නාන්කඩවල නයනා සංජීවනී මහත්මිය කියන්නීය.

තම සොහොයුරියට සියදිවි නසා ගැනීමට තරම් අවශ්‍යතාවක් නොතිබූ බව ද ඇය කියන්නීය.