ඩුප්ලිකේෂන් පාරේ ගහක් කඩා වැටෙයි


කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගමන් කළ වාහනයක් මතට මාර ගහක් කඩා වැටීම නිසා මාර්ගය ඇහිරී දැඩි වාහන තදබදයක් හටගත් බව පොලිසිය කියයි.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරනට උපදෙස් දෙයි.

ගාල්ල දික්කුඹුර මාකුඹුර පාරේ අඹ ගසක් පාර හරහා කඩා වැටී විදුලි හා දුරකතන රැහැන්වලට ද විදුලි කණුවලට ද හානි විය. වාහන ගමනාගමනය ද පැය කිහිපයකට නතර විය.

ඉමදූව ප්‍රාදේශීය සභාවට අනතුරු දායක ගස් කිහිපයක් ද ඉවත් කළේය.

කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක ද ගස් කිහිපයක් කඩා වැටී තිබිණි.

 _DSC0169 _DSC0176 _DSC0179 _DSC0180

_DSC0172

IMG_20140822_144303 _DSC0190