ඩීසීඩී ඇත්දැයි සොයයි


‘සී.සී.ඩී විස රසායනය අඩංගු කිරි පිටි නිෂ්පාදන සහ ශරීරයට අහිතකර ‘වේ ප්‍රෝටීන්‘ අධි සාන්ද්‍ර කිරි පිටි වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය තවමත් වෙළෙඳපොළේ විකිණීමට ඇද්දැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධාන කොළඹ මහ නගර සහ මහජන සෞඛ්‍ය නිලධරයෝ අද කොළඹ සුපිරි වෙළඳහල්වල හදිසි නිරීක්ෂණයක නිරත වූහ.

බොහොමයක් සුපිරි වෙළඳසල්වල මේ වන විටත් වේ ප්‍රේටීන අඩංගු ආහාර ද්‍රව්‍ය විකිණීමට තිබී සොයා ගත් අතර වෙළඳසල් හිමියන්ට වහාම ඒවා ඉන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය.

සත්ත්ව කිරි අඩංගු ඕනෑම ආහාර ද්‍රව්‍යයන් මිලට ගැනීමේදී එහි ‘වේ ප්‍රෝටීන කිරි‘ හෝ ‘වේ ප්‍රෝටීන කුඩු‘ ඇත්නම් ඒවා මිලට ගැනීමෙන් වළකින ලෙස මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක්ද කළේය.