ඩීසල් ලොරිය පෙරැළේ
ගිනිගත්හේන දියගලදී ඩීසල් බවුසරයක් පෙරැළී අඩු ගණනේ ලීටර් 15000ක් පමණ අඩි 20ක් පහළින්වූ ගඟට ගලායන බව පොලීසිය කියයි.
මුතුරාජවෙල සිට තෙල් රැගෙන ගිය මෙම බවුසරයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, බීමත්ව සිටියේදැයි සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත යොමු කරන බවත් පොලීසිය කියයි.
ඩීසල් ගඟට වැටීම වැළැක්වීම පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී.
අද අලුයම 1.30ට පමණ මේ අනතුර සිදුවිය.

