(දසුන් රාජපක්ෂ)
සුදුවෑන් වලින් පුද්ගලයන් අතුරුදන් කරවීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු නාවික හමුදාපතිවරයකු වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් වැරදිකරුවන් කර සිරබාරයට ගැනීම සඳහා බලහත්කාරයෙන් තමාගෙන් ප්‍රකාශ ලබාගැනීමට යහපාලන ආණ්ඩුව උත්සහ කළ බව රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව වෙත සාක්කි ලබාදෙමින් අද (25) ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශ ලබාගැනීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ යුද පුහුණුවක් ලබමින් සිටි තමාව හදිසියේ යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් නැවත ලංකාවට කැඳවනු ලැබූ බව ද රියර් අද්මිරාල් ඩී.කේ.පී.දසනායක මහතා පැවසීය.
මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (25) රැස්විය.
මෙම ජනාධිපති කොමිසම නැවත අනිද්දා (27) යළි කැඳවීමට නියමිතය.

