ඩී.එස් සිසුහු ජගත් සම්මාන දිනති


එක්සත් රාජධානියේ පැවති 17 වන ජාත්‍යන්තර ශිෂ්‍ය තතත්ව කව පිළිබඳ සම්මේලනයේ දී පැවති තරඟාවලියෙන්  නාට්‍ය අංශයේ සහ දැන්වීම් අංශයේ සම්මාන දෙකක් දිනාගැනීමට කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ සිසුහු සමත් වුහ.

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින්  දිවයිනට පැමිණි ඔවුහු  එම විදුහලේ ආචාර්ය  මණ්ඩලය සහ දෙමවිපියන්  විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.

තරගාවලිය පසුගිය 23 වැනිදා සිට 28 දක්වා එක්සත් රාජදානියේ ලංඩන් නුවර කිංග්ස්ටන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙය්දී පැවැත්විණි.

තරඟාවලිය සඳහා  එංගලන්තය ඇතුළු රටවල් 12  සිසු සිසුවියෝ 3000 කට ආසන්න පිරිසක් සහභාගී වුහ.

මෙහිදී චන්ද්‍රන් ඉන්ද්‍රජිත් සහ හිරුෂ ගමගේ දැන්වීම් අංශයෙන් තෙවන ස්ථානය හිමිකරගත් අතර  අරවින්ද අල්මේදා, දිල්ෂාන් රාජකරුණා, අජීඩ් හුසේර්,ගයත් ජයසිංහ, රාහුල් වීරවංශ, පසන් අබේසිංහ, උවින්ත කරුණානායක, අවිශ්ක වීරකොන්, ෂෙහාන් පීරිස්, තේනුක ඔබින් නාට්‍ය අංශයේ දෙවන ස්ථානයද හිමිකරගත්හ.