කොළඹ ඩී.ඇස්. සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතැයි වාර්තාවේ.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති තරඟය අවසානවීමට සුළු වේලාවක් තිබියදී පිටියට පැමිණි ප්‍රේක්ෂකයින් ගැටුමක් ඇති කරගෙන ඇතැයි සඳහන් කරති. ඒ මොහොත වනවිට ඩී.ඇස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට ආසන්න වෙමින් තිබිණි.
ගැටුමින් තුවාල ලැබූ ඩී.ඇස් සිසුහු තිදෙනෙක්ද මහානාම සිසුහු දෙදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

