ඩී. එස්. - ශා. අන්තෝනි තරගය සමවෙයි


කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (11) පැවැති ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , පළමුවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගය ලකුණු 10-10 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. ඞී. එස්. සේනානායක විදුහල පළමු අර්ධය අවසන් වන විට 5-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.