ඩිල්ෂාන්ගේ ස්ථානයට චන්දිමාල්?


සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ශතකයක් ලබාගනිමින් දස්කම් පෑ ශ්‍රී ලංකා ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටියි. හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී හෙට (10) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී ඩිල්ෂාන්ගේ ස්ථානයට දිනේෂ් චන්දිමාල් යෙදවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.