ඩල්ජිත් අලුවිහාරේ අත්අඩංගුවට


(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ(එජාප) මහතා අද(09) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
 
අලුවිහාරේ මහතා ඊයේ(08) දිනයේදී මාතලේ (එජාප) නාගරික මන්ත්‍රීවරයකුට පහරදී තිබූ බව පොලිසිය පවසයි.
 
පහර ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට  මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.