ඩයන් ගෝමස් බොක්සිං ශූරතාව ලීනියා පිලට


ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 3 වැනි ඩයන් ගෝමස් අභියෝග කුසලාන ආධුනික බොක්සිං තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට ලීනියා ක්ලොතින්ග් පිල සමත්විය. මහනුවර පල්ලෙකැලේ ලීනියා ආයතන බොක්සිං ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ කාන්තා ශූරතාව තුරුලිය පිල දිනා ගත්තේය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සිලූටා පිලේ අමිත් විජේරත්න ද, දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස සිල්ම්ලයින් පිලේ ඩබ්. ඞී. මෙන්ඩිස් ද සම්මාන ලැබුහ. ලීනියා ක්ලොතින්ග් පිලේ සී.එම්.අමරසිංහ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසද, කොග්ගල යුනිචෙලා පිලේ බී.එම්.ශෂිකලා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද එහිදී සම්මාන හිමිකර ගත්හ. ලීනියා ක්ලොතින්ග් ඇන්ඞ් ලීනියා ඉන්ටිමේට්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් දවුලගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි ● කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය ඒ. විජේරත්න (සිලූටා) විසින් එම්. ආර්. සඳරුවන් පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය එම්. එම්. ප‍්‍රභාෂ්වර (ලීනියා ක්ලොතින්ග්) විසින් ඩබ්. ඞී. මෙන්ඩිස් (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ 56 ට අඩු බැන්ටම් බර පංතිය එස්.වී.වික‍්‍රමගේ (ලීනියා ක්ලොතින්ග්) විසින් එස්.එච්.නවරත්න (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය එච්.ඒ.සී.රොෂාන් (පානදුර යුනිචෙලා) විසින් ඒ.එස්.ජයවර්ධන (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය ආර්.එන්.වෙත්තසිංහ (ස්ලිම්ලයින්) විසින් එල්.එම්.අබේවික‍්‍රම (එම්.ඞී.එස්.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය පී. එස්. කසුන් (ලීනියා ක්ලොතින්ග්) විසින් ආර්.රත්නසිරි (සිලූටා) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 75 ට අඩු ලයිට් බර පංතිය එස්.සී.පීරිස් (පානදුර යුනිචෙලා) විසින් ආර්.එච්.වීරපන (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය එන්.එන්.ජයසිංහ (කැෂුවලයින්) විසින් ඞී.එන්.පීරිස් (බොඩිලයින්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය එම්.සී. දොළුවීර (ස්ලිම්ලයින්) විසින් යු.ඞී.සුමෝධ (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය සී.එච්.උඩුකුඹුර (ලීනියා ක්ලොතින්ග්) විසින් එල්.එම්.ජයශාන්ත (සිලූටා) පරාජය කරන ලදී. කාන්තා ● කි.ග‍්‍රෑ.48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය සී. එම්. අමරසිංහ (ලීනියා ක්ලොතින්ග්) විසින් බී. එම්. ශෂිකලා (කොග්ගල යුනිචෙලා) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ 51 ට අඩු ෆ්ලයි බර පංතිය ඩබ්ලිව්. සඳමාලි (පානදුර යුනිචෙලා) විසින් එන්.ප‍්‍රනාන්දු (ලීනියා ක්ලොතින්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය ඞී.එම්.අබේවර්ධන (තුරුලිය) විසින් එම්.රණවීර (කොග්ගල යුනිචෙලා) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය ආර්.කේ. අයෝමා (තුරුලිය) විසින් එම්.පී.වල්ගම (බොඩිලයින්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය එම්.ශාලිකා (කොග්ගල යුනිචෙලා) විසින් ආර්.ගයත‍්‍රි (පානදුර යුනිචෙලා) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය වත්සලා ද සිල්වා (එම්.ඞී.එස්.). විසින් ආර්. දමයන්ති (බොඩිලයින්) පරාජය කරන ලදී.