ජපානයේ ටෝකියෝ නගරයෙන් පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 224 ක් වාර්තා වී තිබේ.
එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මෙය ජපාන අගනුවරින් එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම අගය බවයි.
අලුතින් වාර්තා වූ රෝගීන් අතර අවුරුදු 20 - 30 වසසේ පසුවන්නන් 75% ක් පමණ සිටින බව ද සඳහන් වේ.
මැයි 25 දින ජපානයේ හදිසි තත්ත්වය ඉවත් කළ අතර ඉන් මාසයකට පමණ පසු ටෝකියෝ නගරයේ වයිරසය පැතිරීමට පටන් ගත්තේය.
කෙසේවුවද ආර්ථිකයට තවදුරටත් හානි සිදුවනු ඇතැයි බියෙන් නැවත සීමා පැනවීමට බලධාරීන් මැලි වන බව පැවසේ.
ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ මහත්මිය පවසන්නේ පරීක්ෂණ වැඩියෙන් සිදුකිරීම හේතුවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවයි.
දිනකට පරීක්ෂණ ධාරිතාව 10,000ක් දක්වා ඉහළ නංවන බවට අලුතින් තේරීපත් වූ ආණ්ඩුකාරවරිය පොරොන්දු වී ඇත.
ජපානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 20,000ක් වාර්තා වී ඇති අතර මරණ 980ක් සිදුවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

