ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ පළමු තැන දකුණු අපි‍්‍රකාවට
දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 - 0ක් ලෙස දකුණු අපි‍්‍රකාව ජය ගැනීමත් සමග ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු තැන හිමි කර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය.
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්ව අනුව මීට පෙර ඉදිරියෙන්ම සිටි එංගලන්ත කණ්ඩායම දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවූ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිවී ඇත්තේ තෙවැනි ස්ථානයයි.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණ්ගත කිරීම්වල ඉදිරියට පැමිණියේ එහි කිරුළ දරා සිටි ඉන්දියාව පසුපසට ඇද දමමිනි.
දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකි වූයේ 2009 වසරින් පසුවය.

