ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වැස්සට දියවෙයි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියේය.