ටෙලර් සල්ලි ගන්න ආ දෙන්නා රිමාන්ඩ්


බැංකු ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගැනීමට තැත්කළැයි කියන රුමේනියා ජාතිකයෝ දෙදෙනෙක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 16 වැනිදා තෙක් රිසාන්ඩ් කරනු ලැබූහ. තම මව් බස වූ රුමේනියා බස හැර වෙනත් භාෂාවක් කතා නොකරන පවිල්කු ක්‍රිස්ටියන් නිකුෂන් (36) සහ ටෝමා පිතෘ පුලන් (26) යන දෙදෙනා  තවත් රුමේනියා ජාතිකයන් දෙදෙනෙකු සමග බම්බලපිටියේ මහල් නිවාසයන නැවතී සිටි බව පොලීසිය අධිකරණයට දැන්වීය.