
(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවරාසා කලෙයරසන් මහතා නම් කිරීමට තීරණය කර තිබේ.
කලෙයිඅරසන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කරන බව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිරාජසිංහම් මහතා අද(09) පැවසීය.
1970 වසරේ අප්‍රේල් 17 වැනිදා උපන් තවරාසා කලෙයිඅරසන් මහතා නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම අම්පාර නාවින්දන්වේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද වේ.
මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට අම්පාර දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීම මත එම සන්ධානයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අම්පාර දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කර තිබිණි.
තවරාසා කලෙයිඅරසන් මහතාද මෙවර මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයෙකි.

