ටී.එන්.ඒ. අපෙක්ෂකත් නීතිඥයාත් රිමාන්ඩ්


මුහුදු මගින් උතුරු නැගෙනහිර වැසියන් ඕස්ට්‍රේලියාවට හොරෙන්  යැවීමට හවුල් යැයි කියන තිදෙනෙක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යු.එල්.ඒ. අස්හාර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. දෙමළ ජාතික සංධානයේ නැගෙනහිර පළාත් සභාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන වී.සුරේෂ් කුමාර්, ඔහුගේ සොයුරු වී වේලායුදන් සුදාකරන් හා රුපියල් ලක්ෂ තුනේ සිට හත දක්වා එක් අයකුගෙන් අය කළැයි කියන නීතිඥ ඒ කරිකාලන් රිමාන්ඩ් කළ අය වෙති.