ටියුෂන් ගුරුගෙන් ප්‍රශ්න කරයි
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ලබා දුන් බව කියන ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහක් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
විභාග දෙපාර්තමේන්තු ආරංචි කියනුවේ අද රහස් පොලීසියෙන් විභාග දෙපාර්තමේන්තුවට ද යෑමට නියමිත බවයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ විභාග පනත අනුව හැකි ඉක්මණින් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් පැවැත් විය යුතු බවයි.
විභාග වංචාවක් වී ඇත්දැයි විභාග දෙපාර්තමේන්තුව මූලික පරීක්ෂා කළ යුතු බවත්, සිසුනට සාධාරණය ඉටු වන්නේ එවිට බවත් ස්ටාලින් මහතා කියයි.
සබැඳි පුවත් -
ප්‍රශ්න 18ක් සමානයි
විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?

